කොරෝනා කවියක්

දෙදහස් විස්සේ ඇවිත් අනේ    කොරෝනා

ගෙදර ඉන්න ගැහැනියගේ බැල්ම    ඔරෝනා

ලේලිය දෙස වපර ඇසින් බලයි වෙරෝනා

පුතා ගහල නැහැනේ සිහිය අනේ   මැරුවාන

සත්තු නිදැල්ලේ අනේ මිනිහා  කුඩුවේ

ලෝකෙම ‘ලෝක්ඩවුන්’ වෙලා ඉන්නේ   පාඩුවේ

නැහැනෙ යන්නෙ කව්රුත් දැන්  ගඟේ    පාරුවේ

රිලව් ගැන්සි පිටින් කහඉරේ    මාරුවේ

නෝනලාගේ නියම වයස දනුයි පේන්නේ

බේබදු තාත්තලා චන්ඩි පාට්    දාන්නේ

තරුණ ගැටව් ගෙවල් ඇතුලේ මුකුළු    පාන්නේ

යූටියුබ් එකට ඒක නිසයි ලයික්   දාන්නේ

පෙම්වතිය දැක ගන්න කොල්ල බැස්ස   පාරට

පොලිස් ජීප් එකක් ඇවිත් ඔහුව ගත්ත    බාරෙට

පෙම්වතිය අඬනවා අම්මට නැගලා    මාරෙට

තාත්තගේ කොණ්ඩේ වැවිලා මාර    සාරෙට

බදු ඕඩකරන්නේ ඔන්ලයින් එකේ අනේ    දැන්

ෆෝන් එකේ එල්ලීගෙන ඉන්නෙ අනේ    මන්

දුරස්ථ භාවය නිසා වෙන්න එපා   ලන්

මේ විදිහට තවත් ඉමුකො ඉස්සරහට    බන්

කොවිඩ් දහනමයෙන් මේ ලෝකෙම    හොල්මන්

රටේ පනස්දාහක් දැන් ඉන්නවා    අල්ලන්

බුද්ධිය අඩු නිසාද බං මේ හැම    සෙල්ලන්

සෙල්ලම අප හටම වැදිලා වෙනවනෙ   ලෙල්ලන්

එහා ගමේ අපෙ මාමගේ පුතා    වැලන්ටයින්

‘ඉරණමඩුවෙ’ ගියා අනේ වෙන්න    කොරන්ටයින්

මතක ඇතිව හිට ගනිල්ලා නිතර   කෙලින්ලයින්

මීට පස්සෙ ගමන් බිමන් යමුකො    අනේපයින්

ලියන්නේ සිත්ති සීනත්

2 comments On කොරෝනා කවියක්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.