කැඩිල විසුරුණු කුරුළු කූඩුව පපුව පැලිලා යන තරම්
පුංචි පැටියන් තුරුළු කරගෙන හෙලපු සුසුමන් ඉස් තරම්
ළගින් ඉදගෙන මාව සැනසුව දුන්න සෙනෙහස ඇති තරම්
තාත්තේ නුඹ මගේ වීරයා කියමි අද මම හිස නමන්
පිතෘ සෙනෙහස අහිමි දරුවන් හටම වීලා නුඹ පියෙක්
සෙනෙහසින් රැක බලා ගත්තා සසරෙ නැහැ ඔබ හැර අයෙක්
අඳුරු සෙවනැළි වලට අරුණලු වැටිල පාවී යන සෙයක්
දැණුනි මගෙ හදවතට වැරයෙන් දිරිය ගත්තා නැහැ බියක්
කෙරුවෙ නුඹ වැඩ හරිම කඩිසර උසාවියවෙයි ”නීතිපතියේ”
නාවලා නුඹ මගේ පොඩි උන් වැරදුනේ නැත සැමසතියේ
දශක හයකුත් භාගයක් නුඹ කළා සේවය සැමට සොදසේ
නික්ම ගොස් ඇත හොඳ නමක් තබමින්ම නැහැ සැක නුඹව ඇගයේ
තුවාන් පුත්රා මිස්කින්ය නම මගේ හදවතෙ බැබළුනා
දශක නවයයි තුනයි අවුරුදු අපේ අතරින් නික්මුනා
මගේ දරුවන් වැඩී ඉන්නව මගේ හදවත හිස්උනා
පිදුව සෙනෙහස අහස උස් තරමටම නැහැ සැක දිස්උනා
ලියන්නේ සිත්ති සීනත්
