
ඇය අඳුර මකන දැල්වෙන පහනකි.
මිහිතලය සුන්දර කරන්නියයි.
ළමා චරිත තරුණියකගේද, පෙම්වතියක්ගේද, යෙහෙළියක්.
මවක් හා මිත්තණියකටද ඇය උරුමකම් කියන්නීය.
විටක ඇය සුන්දර ළඳකි.
ජීවයක් දායාද කරමින් එය පෝෂණ කරයි.
දියණියකට ඇය ළඟම යෙහෙළියයි.
නැන්දම්මාට ආදරණීය ලේලියද වෙයි.
සැමියාට ආදරණීය බිරිඳක් වෙයි.
පෙම්වතාට සහකාරියක් වෙයි.
විටෙක ඇය ගිණි ඇවෙලෙන සුළුයි.
හදවතේ සියල්ල ඉවසා දරාගත හැක්කියකි.
චරිත රඟදැක්විය හැකි රඟමඩලකි.
පිරිමියා හා කරට කර වැඩ කල හැක්කියකි.
ඇය නොමැති ලොවක ජීවනාලියක්ද නැත.
කවියාට ඇය;
නාරිලතා මලකි, කිවිඳියකි, දෙවඟණකි, විටක පුන්සදකි.
සුකොමළියද, ලලනාවද……………………….වෙයි.
විටක බුද්ධිමත්වද, විටක අණුනවද කටයුතු කරයි.
හැම විටම නුඹ හොඳම දෙය කර ලෝකෙ ලස්සණ කරන්න
‘පවුල සුරකිමු’ සිතට ගෙන අපි හොඳම දරුවන් තනන්න
දුක ද සැප දෙක සමව විසඳා ඔබේ චරිතය රකින්න
එපා ඉඩ දෙනු ලෝකයා හට ඔබේ ගති ගුණ මනින්න
ලියන්නේ සිත්ති සීනත්