
ආදරේ යනු බලගතුම අකුරුයි
හදවතින් පුදන්නේ මල් වගේ පොකුරුයි
නොලැබුනොත් ඉතිං එය අනේ හරි නපුරුයි
විදිනවා හැමදාම ජීවිතය අදුරුයි
හැම දෙනම ලබනවා කුළුදුල්ම ආදරේ
පීනමින් නටනවා වගෙයි මහා සාගරේ
නහර ඇට මස් පුරා ගලනවා රාගයේ
උණුසුම්ව විදිනවා පිවිතුරුම ආදරේ
විරහවේ වේදනා පපු කුහර පසු කරන්
ගලායයි ගත පුරා ලොකුම හුස්මක් අරන්
අන්තිමට ඉවසලා හරිම වෙහෙසක් දරන්
පපුකුහරේ කිදා බැස අනේ අමතක කරන්
නොලැබුනොත් ආදරේ උරණ වෙන්නෙ ඇයිද
‘සාජහන් මුම්ටස්ල’ වැන්නවුන් අද කොහිද
ජීවිතත් බිලිඅරන් උමතු වෙන්නේ ඇයිද
ගඟ වලට පැනල දිවි තොරකරන් නේ මන්ද
පාසැලේ පෙම්කථා හරිම හරි බොළදනේ
පෙම්වතා ගැන සිතා ඇයිද නුඹ ඇඹරුනේ
මී වදය අවුස්සා පැන දුවන දෙබරුනේ
පන්තියක් කෙලසන්න එපා නුඹ නිකරුනේ
මවක් තම දරුවන්ට පුදන්නෙත් ආදරේ
පෙම්වතා පෙම්වතිය හටත් දෙන ආදරේ
සැමියාද බිරිද වෙන පුදන ඒ ආදරේ
කරනු මැන ආදරේ තරමටම සාගරේ
ලියන්නේ සිත්ති සීනත්