
නව මසක් කුස දරා මම
නුඹව බිහිකලා මෙලෝ තලයට
පොළවේ පය ගහල ඇවිදින්න
කියා දුන්නෙත් මමයි තාලයට
ඒ කාලෙ උඹගෙ දඟ වැඩ
අපේ ලෝකයේ අපි දෙන්න තනියම
රබර් කිරි කපන කට්ටට
උඹවත් ගෙනිච්චා සමහර වෙලාවට
ටික ටික ලොකු උනා නුඹ
හරිම කඩවසම් එකෙක් විලසට
සියළුම ඉසව් ජය ගෙන
විභාගය ඉහලින්ම සමන් උනා උඹ
නුඹගෙ සිහිනය යන්නට කැම්පස් එකට
මමත් දිරි දුන්නා මව් කෙනෙක්ම වෙලා නුඹ හට
උඹ ගිහින් කැම්පස් ඉගෙනගත්තා ‘ලෙක්චර්ස්’
මම තාම බලන් ඉන්නව මගේ පුතු එනකම්
සති අවුරුදුත් ගෙවිලා මං හරිම දුබලයි
ගතේ සිතේ හයියක් නැහැ උඹව දකිනකම්
තව ටික දවසකින් මේ පොළවේ මියැදෙවි.
පමා නොවි කියපං මගෙ රත්තරන්, උඹ සිටින තැන
අනේ පුතේ, මාව එකම එක සැරයක් බලල පලයං.
ලියන්නේ සිත්ති සීනත්
 
												 
												 
	 
	 
	