මොන්ටසෝරි

හරි ලස්සණ මගෙ පැටියා
මොන්ටසෝරි යට යනවා
පාට ගවුම්, හරිම හැඩයි
ආසාවෙන් මම මහනවා

කීස් කීස් සපත්තු දෙක
පාට පාට හරි ලස්සණ
කොණ්ඩ කටුත්, ඇගෙ තිලකය
මුහුණු ඇගේ හඳක් වගේ

අම්මි, තාත්තා, කියනවා
සෙනහස මගෙ ද්‍රෝරෙ යනව
හිමිදිරියෙම අත අල්ලන්
දෙවට දිගේ පිය නගනව

උඹයි මගේ පණ ද්‍රෝනියෙ
අපෙ කැදැල්ල එළිය කරන
ලොකුම වෙලා හොඳට ඉගෙන
සමාජයට සේවෙ කරන

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.