
රන් වන් රන් සාර කෙතයි
මම ආසම ගොයම් කෙතයි
පීදුනාම කොළ පාටයි
වෙලුනාම කහ පාටයි
මද සුළඟක් හැමූ විගස
ඒ මේ අත පැද්දෙනවා
ගොයමක සුන්දර අසිරිය
ඒ කාලේ අපි වින්දා
කපන කලට නියර දිගේ
ඇඹුල අරන් ගෙවිලියො එයි
හරිම රසයි ඒ බත් කට
ඒ කාලේ අපි කෑවා
ගොයම් කපා මිටි ගහලා
කමතට යයි උස්සාලා
වී තම්බා වේලාලා
මෝලට දී හාල් කලා
පිදුරු ගසුත් ගොඩ ගහලා
පිදුරු තලා කඳු හදලා
සීසී කඩ විසිවීලා
කොල්ලො කෙල්ලො අපි නැටුවා
ඒ කාලෙ බුසල් රාත්තල්
වලින් කිරුවෙ හැම දේ මත්
ගොවි මහතා කල දස්කම්
අගය කරමි සැමදාමත්
ලියන්නේ සිත්ති සීනත්
