
මැය වෙයි දරුවකුගෙ දෙවැනි මව
මව වෙනුවට පියා කැන්දාගෙනම එන
ලැබුනොතින් නියම සෙනෙහස එයයි මව
සමහරු යක්ෂණිය වාගෙයි පෙනුනි මට
හැදෙනව ඇගේ සෙනෙහස මැද දරුවන්
ඇයි උදුරලා දමන්නේ උන්ගේ උරුමන්
උන් මොන වරද කෙරුවද නුඹහට කරුමන්
සමහරු සුපිරි ගෙට යනවා වී නරුමන්
එපා එපා දරුවන් හට නුඹ වෙනසක්
නුඹත් මවකි දරු දුක දන්නා මිනිසත්
හැම දරුවටම සලකනු අරගෙන වෙහෙසක්
විඳින්නට වෙනව නුඹ හට ලඟදිම දවසක්
අම්මා නොමැති දරුවන් හට පිහිට වෙනු
තෙරපෙන කුහක ගති හිතතුල ඉවතලනු
උන්ගේ නියම අයිතිය උන් හටම දෙනු
”කුඩම්මා” අම්මා වීලා සසරෙන් එගොඩවනු
ලියන්නේ සිත්ති සීනත්
