
දශක පහ ගෙවීගිය ජීවිතේ හිස් අතර
ලත වෙවී දුක් වෙවී ආදරය සොයනවා
ලය පුරා ගලායන ආදරේ වේදනා
හදවතට උණුසුම්ව මිහිරි බව පතනවා
කියා නිම නොකලහැකි පපු කුහරෙ ආදරය
නහර ඇට මස් පුරා තාලයට ගලනවා
මතක්වෙන හැම මොහොතෙ හදවතේ වේදනා
තද කරන් ඇස් පිහා මා නුඹව සොයනවා
ගතට දැන් පණ ඇවිත් ප්‍රබෝධෙන් කිපෙනවා
දැනෙන විට ආදරේ මුළු හදම රිදෙනවා
හැමදාම ”මම නුඹේ” ”නුඹ මගේ” පතනවා
ලෝකෙයම ජය ගන්න මම දෙවියො යදිනවා
කටු පිරිණු පඳුරු මත පිපෙන මල් ලස්සණයි
දකින විට කඩන්නට නෙලන්නට නැති පිනයි
ගව් ගණන් දුරට ඒ මල් සුවඳ පැතිරයයි
අකාලේ ‘පරවීල’ පොඩිවීල මැරිලයයි
ලියන්නේ සිත්ති සීනත්
