ප්‍රශ්ණ

ටිකිරි රිකිරි ටිකිරි ලියා
ෆේස්බුක් එකට ගියා
හොඳ කොල්ලෙක් සෙට් කරගෙන
හොර රහසෙම පැනල ගියා

එහා ගෙදර සුදු අක්කා
ඔන්ලයින්ම class ගියා
ඇයත් එකත් සෙට් කරගෙන
ළමයි දමා පැනල ගියා

පහල ගෙදර කළු නංගී
වට්ස්ඇප් එක chat කරලා
අම්මා තාත්තට නොකියා
හඳ පානෙම පැනල ගියා

මාස එකයි පෙම් කරලා
ෆේස්බුක් chat කරලා
හමු වෙන්නට ගිහින් ඔහුව
ඇගෙ මුළු ගත වනසාලා

සමාජයේ හරිම ප්‍රශ්න
මුහුණු පොතින් ගොඩ ගැහිලා
හොඳ දේ පමණක් අරගෙන
ඉදිමු අපිත් සැනසීලා

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.