අධ්‍යාපනය

සියයට හැටපහක් ටියුෂන් කැමැතිලු
සියයට තිස්පහක් පාසැල කැමැතිලු
මේ දෙක සමතුලනය කරනට කැපවීලු
ඇයි මේ වෙනස හිතලා අපි බලමූලු

පාසැල් ගුරුවරුන් හට වැඩ වැඩි නේද
ටියුෂන් ගුරුවරුන් එක විෂයයි නේද
නොමිලේ දෙන්නෙ පාසැලෙ විතරක් නේද
පාසැල් දියුණු කර අපි නංවමු නේද

පාසැලෙ ගුරුවරුන් හරි කඩිසර නෑලු
ටියුෂන් ගුරුවරුන් හරි හොඳ කඩියෙක්ලු
පාසැල් ගොඩ නගා ඉගෙනුම නංවාලු
හොඳ සිසු දරු කැලත් බිහිකර හිනැහේලු

කෝවිඩ් නිසා පාසැල් දැං ඇත වහලා
එනමුදු කරනු හොඳ වැඩ පිළිවෙලක් හදලා
නිදහස විෂය දරුවන් ඔළුවට පොවලා
සිත් ගන්නා පාසලක් හදලා පුදපල්ලා

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.