තීරණය

කොවිඩ් වලින් අපි හොඳ හැටි හෙම්බත්ය
චන්දෙත් එනව මහා ජනයා හොල්මන්ය
ජීවන ගමන කොයි කාටත් ලෙල්ලම්ය
ඉදිරිය ගැන සිතනු තීරණෙ දෙවරක්ය

නිදහස ලබල හත් දශකයක්ම ගියා
තාමත් අපිට හරි ගමනක් නැතුව ගියා
දීලත් අපිට අරගෙන නිදහසේ පියා
තාමත් එකම තැන පල්වෙනවානෙ වියා

හැමදාමත්ම අපෙ ජනයා බැට කනවා
හොඳ ගමනක්ම යන්නට උන් වෙහෙසෙනවා
හොඳ වැඩ කලොත් සැමටම සෙත සැලසෙනවා
දුෂණ වංචාව නැත්නම් රට බැබලෙනවා

එන්නේ ලඟදි නුඹලාට හොඳ චාන්ස් එකක්
ඩළුවට අරන් හොඳ සිහියෙන් අරිමු එකක්
ලත වෙන්නට එපා අවුරුදු පහක් වගක්
හොඳම කෙනා තෝරනු මම පතමි ජයක්

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.