
අප අතරින් වියෝවූ සිබිල් වෙත්තසිංහ මාතාවට නිවන් සුවය පතන අතර ඇය ලියු ‘කුඩ හොරා’ නම් පොත ඇසුරින් මා මෙය ලියන ලදී.
කොස්ගම ඉන්නා මිනිසුන් දැකලම නෑනේ කුඩයක්
වැස්සට උන් ඉහලන්නේ තුවා, වට්ටි, ගෝනි, වළන්
හබරල කොළ, කෙසෙල් කොළද තැන තැන උන් යයි ඉහලන්
දවසක්දා කිරිමාමට කොළඹ යන්න හිතුනා නිකන්
රතු කොළ නිල් කහා පාටට
ඉරි කොටු මල් වැටුණු කුඩත්
ඉර අව්වේ පාරදිගේ මිනිස්සු යනවා ඉහලන්
මේක දැකල හරි සතුටින් සිතුනා ගන්නට කුඩයක්
කඩේට ගිය කිරිමාමා කුඩ දැකලා ෆුල් හොල්මන්
දේදුන්නක පාට පාට ඇර බැලුවා ඔහු කරකන්
අන්තිමටම එකක් අරන් බස් එකකට නැග සතුටින්
කෝපි කඩේ ලඟදි බැහැල කෝපි බොන්න ගියා තුටින්
කළුවරේම කඩේ අයිනෙ තියල කුඩේ කෝපි බිව්ව
ගෙදර යන්න බැලුව කුඩේ අනේ ඉතින් මිසින් වෙලා
ආයෙ ආයෙ කොළඹ ගිහින් ගෙනා කුඩත් අතුරුදහන්
කොළ ඉරලා කෑලි කෑලි දැම්මා ඔහු කුඩ ඇතුලේ
එදත් කුඩේ මිසින් උනා කොළ දිගටම ෆලෝ කලා
ගහම් උඩදි ඔක්කම කුඩ සේල් එකක් දාල වගේ
ගෙදර ගිහින් කඩ දාලා ඔක්කොමටික සෙල් කළා
හොරා කලේ හොඳ වැඩක්ය කියලා අගයන්න උනා
ලියන්නේ සිත්ති සීනත්
