
බහ තෝරනව ඒ කාලේ අම්මකියා
සෙනෙහස උතුරලා අම්මගෙ ද්‍රෝරෙගියා
අතගිලි පටලලා ඇවිදුව මගේ පියා
දරු සෙනෙහසක් මව් පිය උරුමයකි දයා
වැටි වැටි ඇවිද්දා මහා හයියෙන් අඬලා
ද්‍රෝතට අරං නලවාලා මා බඳලා
සෙනෙහස අපූරුයි දුන්නා මා වඩලා
හොඳ දරුවෙක්ම වේවා යයි ඇය පතලා
ලස්සණ ගවුම් මහලා ඇය මට අන්දා
නිමි නැති සෙනෙහසක් ඇය සිත තුල රන්දා
මනහර දැකුම් කළු ඇගෙ සිත අප බන්දා
හෝඩිය මුල්ම අඩි තාලම උන හන්දා
ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා
ටිකිරි රිකිරි ටිකිරි ලියා කලෙත් අරන් ලිඳට ගියා
ගලෙන් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා
මිහිරි වදන් පවසාලා හරි හොඳටම නින්ද ගියා
නිම කරන්න බැහැ ලැබුවේ හරි සුන්දර පරිසරයක්
රජ්ජුරුවෝ උඩයි උඩයි මල් කෙල්ලෝ බිමයි බිමයි
කොස් කොළ තොප්පිත් හදලා රජ උනානේ ඒ කාලේ
හරි සුන්දර ළමා කාලේ සිත සනසන බාල කාලේ
ලියන්නේ සිත්ති සීනත්
