
පොඩිම කාලේ ගියේ පාසැල
තිබුණෙ හපුගොඩ කදානේ
ගැහැණු පිරිමින් මිශ්‍ර පාසැල
උගත ශිල්පය උනානේ
ගුරුම ගුරු පාරක් දිගේ ගොස්
හන්දි පසු කර ගියානේ
දෙපස තුරු පෙත රබර් වත්තක්
අපේ යහළුවො උනානේ
හිටියෙ වින්සන් ගුරු පියා අපෙ
හැදුවා පාසැල හරි හොඳින්
එකා මෙන් සිසු අපේ දරු කැළ
ඉගෙන ගත්තා හරි තුටින්
සියළු ගුරු මහතුන් මහත්මින්
අපේ ගමනට කල උදව්
අදත් සිහිකර පතමි මම සැම
දෙනට හොඳ සුව ජීවයක්
ලියමි පාසැල නමක් ගෙන ගිය
හැත්තෑ දශකයෙ මතකයක්
ඉහල තලයේ දරුවො බිහි කල
පුදමි මම ගරු තුනි මිටක්
ලියන්නේ සිත්ති සීනත්
