
වචන ගොනුකර තාලයක් දා
ගීතයක් අපි ගයන්නේ
මුසුව රිද්මය, සංගීත උපකරණයත්
මුසුවී ගලන්නේ
හරිම ලස්සණ තාලයට එය
ගයන විට ගත නැටෙන්නේ
මොහොතකට රස විදින විට එය
මනස නිරවුල් කරන්නේ
අතීතයෙ සිට ගැයූ අප සැම
”ශ්‍රී ලංකා මාතා” ලස්සණයි
එයයි ජාතික ගීය අපගේ
සැමට මුල් තැන ගත් වගයි
ධාන්‍ය, ධනය, මල් පළතුරුද පිරි
ජය භූමියකි හරි සුන්දරයි
එකම මවකගෙ දරුවො විලසින්
එකතු උනොතින් ජයගනියි
ගීතයෙන් බිහිවෙලා ඉන්නා
ඉහල තලයේ දූ පුතුන්
අපේ ලක්මෑණිටම ඉපදුණු
හරිම දස්කම් රැකල දුන්
ජාතිඅන්තර නමක් රදවා
බබල වනු නම පින් බිමින්
පුදමි නුඹලා සියළු දෙන හට
මල් මිටක් මම තුති සිතින්
ලියන්නේ සිත්ති සීනත්
