
ලස්සණ හුරු බුහුටි ගෙයකි
තාත්තා ඉදි කිරිම් කරුවෙකි
පාට නුල් ඉදි කටුවෙන්
ඇගෙ මෑණියො වැඩ පෙන්වති
මොනර ජෝඩු, දොර රෙදි මල්
පුටු කවරද කොට්ට උරද
මැද සාලේ කනප්පුවක්
වැසුනෙ එම්බ්‍රෝඩර් කල රෙද්දෙනි
බිත්ති මත්තේ එල්ලා තිබු
‘ශ්‍රි දළදා නමදිමු’ යයි
දළදා කරඩුවෙ චිත්‍රයෙ
රන් අකුරුත් එහි තිබුනලු
සිද්ධාර්ථ කුමාරයා ලුම්බිනි
සල් උයනෙ උපන්
සළු සහ මල් ගෙන ආ හැටි
දිව්‍ය ලෝකෙ සිහින ඇය මැව්වලු
කාමරයේ වැල් ඇඳ මත
ඇගෙ අම්මා නිදන වාලු
බුලත් පුවක් කිල්ලෝටය
එන උන් හට ඇය දුන්නලු
හරි සුන්දර ළමා කාලේ
හරි හොඳටම ඇය වින්දලු
මානරම් ඒ සොබා දහම
ඇගේ හිතත් මන බැන්දලු
ලියන්නේ සිත්ති සීනත්
