
කන්දක් ගිනි ඇවිළෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නින්දක් නිදියා ගන්නේ
මගේ පුතා නැළවෙන්නේ
දොයි, දොයි, දොයි, දොයිය බබා
බයි, බයි, බයි, බයිය බබා
ඇගෙ අම්මා ඇගෙ මල්ලිව
නැලෙව්වාලු මෙහෙම කියා
හිටි හැටියෙම මහ හයියෙන්
අහස් ගැබේ හරි සද්දෙන්
අසල්වැසියො කලබලයෙන්
උන් දිව්වලු ගැහෙන හදින්
ලිහිණියෙක්ද, රාජලියද
දිලෙන බෙලෙක් කුරුල්ලෙක්ද
නෑ, නෑ, ඒ අහස් යානෙ
කිව්වලු සිරිදාස අයියා
ඕක අමුතු දෙයක් නොවේ
තිබුනලු ඔය අහස් යානෙ
රාවණ රජ තුමා ලගත්
ඉන්දියාවටත් ගියාලු
සීතා කුමරිය අරගෙන
ලංකාවට බලෙන් ඇවිත්
යුද්ධය ගැන, හනුමන් ගැන
අම්මා ඇය හට කිව්වලු
සිබිල් නැන්දාගේ ‘වැනියං කළු වැනියං’ පොත ඇසුරින් මම ලියන ලදිමි. ඇයට නිවන් සුවය පතමි.
ලියන්නේ සිත්ති සීනත්
