තොවිලය

ආත්තම්මාගේ සැමියා
යක්දෙහි මුත්තා උනාලු
ලෙඩක් උනොත් කොයි කවුරුත්
ගියේ ඔහුව හොයා ගෙනලු

මල් බුලත් තට්ටුව හදලා
නූල් කහ වතුරෙන් සෝදල
ඇප නූලක් බැඳල කරේ
දහ අට සන්නිය නැටුවලු

පුංචි කාලේ බය උනාම
යක් දෙහි මුත්තා වඩිනව
මැතිරුව ගානක් ඇය හට
මුළු මන්තරෙ කට පාඩම්

ඇගෙ අම්මා බරපතලම
ලෙඩක් වෙලා හරි කලබල
යක්ෂ දෝෂයක් කියලා
දහ අට සන්නිය නැටුවලු

තොවිල් ගෙදර කැවිලි පෙවිලි
මගුල් ගෙදර සිරි ගත්තලු
ගොක්කොල සැරසිලි හදලා
බෙර වයලා උන් නැටුවලු

ගිනි ජාලා මතු කරගෙන
නලාවකුත් ඔහු පිබලා
එළිවෙන කං තොවිල් නටල
ඇත්ත යකා මතු උනාලු

පිනුම් පිටම පිනුම් ගසා
කළුවරේම යකා පැනපි
බෙර හඩ සේරම නැවති
සිබිල් නැන්ද බය උනාලු

‘වැනියං කළු වැනියං’ පොත ඇසුරින් මම ලියන ලදමි. ඇයට නිවන් සුවය පතමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.