
දශක තුනක් ඇති දැඩි කල
මගේ පුතා හරි හපනා
පුතුගෙ ලෝකයක් තනන්න
හෙට ඔහු දීගෙක යන්නා
පුංචි කාලෙ නුඹේ දග වැඩ
බලලා මං සැනසෙන්නා
ටික ටික ලොකු වෙනව දැකල
මගෙ යටි සිත මුමුණන්නා
හබුන් කටයි බත් දෙකටයි
බත් ගුලි කර මම කැව්වා
නුඹ තරහින් එපා කියල
අඩ අඬමින් මට රැව්වා
බඩ ගහගෙන දන ගහගෙන
අම්මා යයි නුඹ කිව්වා
මගෙ ලේ කිරියට හරවා
ඇති කරමින් මම පෙව්වා
අත අල්ලන් ගාලු පාරෙ
පාසැල වෙත පිය මැන්නා
පුතුනි නුඹව ලොකු කරන්න
මව් සෙනෙහස මම දුන්නා
පිය සෙනෙහස නොලබ පුතුන්
මව් සෙනෙහස ලබල උතුම්
උගත මනා ශිල්ප ලබල
දිලිසේ රන් අඹරෙ දැකුම්
ලස්සණ තූඩුවක් තනලා
දෙදෙනම සම බවම සිතා
සැමදා නුඹ ඇය රැකලා
ලොව ජය ගනු පතමි සිතින්
ලියන්නේ සිත්ති සීනත්
