
වෙද මහතා සැරසීලා
බක්කි කරත්තෙන් ආවා
අං දෙක ඇති කළුම ගොනා
බෙල්ලෙ ගෙජ්ජි බැඳ ආවා
බෙහෙත් තෙල්ම වෙද මහතා
දොඩන්දුවේ සිට ආවා
බුද්දරාජ, නීල්‍යාදිය
බෙහෙත් ගුලිත් ඔහු ගෙනාවා
කටු දම්පේ වෙද මහතා
පුළුන් වගේ කොණ්ඩේ සුදුයි
උඩු රැවුලයි යටි රැවුලයි
තේජවන්න පෙනුම සතුයි
අරාබි ජාතිකයො ආවෙ
රට ඉදි විකුණමින් එදා
ලූනු වෙළෙන්දෙක් ආවේ
බොම්බායේ සිටලු එදා
සාරි වලින් ඔළුව වසා
රිදී වළලු අතට දමා
දෙපයේ මුදු පා සලබද
අමුතු ඇඳුම් ඇන්ද එදා
බෙලෙක් පෙට්ටි ඔළුවේ තියා
පාට පාට කැවිලි හදා
මොටයි වලට අපි කීවේ
අනේ සීනි රැවුල් කියා
අඩබෙර කාරයා හොදා
බොරු කකුල් කාරයාද සදා
කවි කොල කාරයන් හොදා
ඇගේ මතක අවධි කලා
සිබිල් නැන්දාගේ ‘වැනියං කළු වැනියං’ පොත ඇසුරින් ලියන ලද අතර ඇයට නිවන් සුවය පතමි.
ලියන්නේ සිත්ති සීනත්
