
වත්තෙ අඹ ගහේ, ඔන්චිල්ලාවක් බැඳලා
යෝධ ලිපක් බැදලා, කල්දේරම ලිප තබා
පොල්කිරි හැද ගා, හකුරුම එයටම දා
හැදුවෙ කැදක් කිව්වේ, කිරිජ්ජ කියලා
ඔන්න ඔන්න මල, මෙන්න මෙන්න මල
දෙමට දෙමට මල, සමන් පිච්ච මල
පුංචි බතට ගැට තුඹ කොළ
ලිද වටකර බහින බතල
මේවා කියල රබන් ගහල
ආත්තම්මා සතුටු උනා
පැහුණු බතට කිරි දාලා, කිරීම බතක් හෙම හදලා
කැවුම් කොකිස් රස අළුවා, ආස්මි අතිරස හැදුවා
පන්සලෙ ඝණ්ටාව නාදෙ, රතින්නා පට පට හඩ
ලේනුන්ටද කුරුල්ලන්ට, ලබුනලූ අවුරුද්දෙ කෑම
ඇගෙ අම්මා තාත්තාට, බුලත් අතක් දී වැන්දා
ඇය වැදළා දෙදෙනාටම, රිදී කාසි මන බැන්දා
පුරවර මැද බැදි රන් ඔන්චිල්ලා
උඩ යන තරමට පුදුම නොවෙල්ලා
වවුලන් සේ කැරකෙන ඔන්චිල්ලා
අපිත් පදිමු ඒ රන් ඔන්චිල්ලා
සිබිල් නැන්දාගේ ‘වැනියං කළු වැනියං’ පොත ඇසුරින් ලියන ලද අතර ඇයට නිවන් සුවය පතමි.
ලියන්නේ සිත්ති සීනත්
