
මා තුල ඉන්නේ චරිත දෙකක්
සුර ලොව දකිනා පොඩි ළමයෙක්
දෙන්නා එක්වී රස විදිමින්
මතුකර දෙන්නේ සිහින ලොවක්
නිවාඩුවට ඇය යන්නේ ආච්චි අම්මා බලන්න
රැලි පටි බෝ පටි ගවුමක් ඇය ඇන්දා ඒ ගමනට
සුදු අම්මා වසා දීපු ඒ විසිතුරු සහිත ගවුම
‘සෙප්පඩ විජ්ජා’ කියලලු ඇගෙ අම්මා නම දැම්මේ
කුචු, කුචු, කුචු ගෑවිල්ලේ පිඹ ගෙන ආ කෝච්චියක්
දැක්කේ වැඩ කල මිනිහා ගිමන් අරිනවා වාගෙලු
සට, පට, සට, පට, සට, පට හරි වේගෙන් පියබනවලු
උඩරට මැණිකෙට පට කුඩ, දෙක දෙක ඇය මිමිණුවාලු
පින්න වැටුණු හිමිදිරියේ, කරත්ත යනවලු පේලී
ආච්චි අම්මා පුටුවක රැජිනක් විලසින් සිටියලු
කුස්සිය පැත්තෙන් හැමුවා වන්ඩු ආප්පම සුවඳක්
ඇගේ ජීවිතේට ඇයට එය අමතක නොවෙනවාලු
නිල්, කොළ, පැනි පාට පාට වීදුරු කැබලිත් ඇහිදින්
පාණදුරේ ඉදලා ඇය මැණික් විලස ගෙදර ගෙනත්
ආත්තම්මගේ කුස්සියෙ බරණිය ඇතුලට වෙන්නට
ඒවා ඇය හංගාලා නිතර නිතර හැඩ බැලුවාලු
ඒවායින් මවුනරටා, චමත්කාර ගැන සිතලා
පරම්පරා දෙකක් දරුවො අනේ කලා රස වින්දලු
ජීවිත කාලයම තිස්සෙ ළමා කථා චිනු ඇන්දෙ
මතක ලොවේ ජීවත්වූ සිහින දැරියලු
පොඩි උන්ගේ බොළඳ සිනහ
සිබිල් නැන්ද හරි ආසලු
ඇගේ කලාවේ උල්පත
ගැන ලීවාලූ
ඇයට නිවන් සුවය පතන අතර ඇයගේ ඇයගේ වැනියං කළු වැනියං පොත ඇසුරෙන් ලියන ලදිමි.
ලියන්නේ සිත්ති සීනත්
