
ඉගෙන ගත්තත් ආලෙ පැටලී
අතර මග එය නැවතුනා
පිදුව හදවත නුඹට සත්තයි
මව් පියන් අමතකඋනා
ආවෙ නුඹ හා දිගෙ යන්නට
ගෙදර අය හට උරනවී
නුඹම පමණයි හිටියෙ මට හැම
දේට හරි පිළිසරණවී
අටව ගත් ඒ කුඩා පැල මට
හිතට සැනසුම නිවනකි
නුඹෙන් තොර මට ලෝකයක් නැත
දෙන්නෙ දැං හරි සටනකි
හිමිදිරියෙ නුඹ යන්නෙ ගෙදරින්
පිට වෙලා වැඩ පල කරා
නෙරල එන කුස ඔසවගෙන මම
ඉන්නෙ සිතුවිලි නොම මරා
ගහල මදුවිත වැනි වැනී නුඹ
ඉන්නෙ එනකම් නිදි වරා
හංගගෙන මම ඉන්නෙ හිත තුල
ඉවසගෙන හැම දේ දරා
හෙටක් ගැන මම කෙසේ සිතමිද
ඉන්නෙ හැම දා ගුටි කකා
මතක් වෙනවා මගේ මව් පිය
අතීතයෙ පැතුමන් මකා
හෙටින් බිහිවන කුසේ දරුවව
කෙසේ නම් මා ලොකුකරම්
දෙන්න දෙවියනි මගේ ලෝකෙට
හොඳින් ඉන්නට මට වරම්
ලියන්නේ සිත්ති සීනත්
