
සඳ ඇති රෑට ගහ කොළ නිසලයි
සොබා දහම හොඳ සැටි සේ නිදියයි
සිසිලස ලොවටම ගෙනෙනා සුවයයි
සැමදා තනිවී මා හද රිදවයි
සාගර ජලයත් අඳුරුව දිස්වෙයි
නිසසල ගහ කොළ සුළඟට පැද්දෙයි
පළගැටියන්ගේ අමි හිරි සද්දෙයි
තනිය මකන්නට තරුවක් දිස්වෙයි
එක්දාස් නවසිය හැට නවයේදී
නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් අල්ඩ්‍රින්
සද තරණය කල ගගනගාමින්
මේ ලෝ තලයේ උනානෙ හපනුන්
තණකොළ හෝ ගස් කොලන් නැනේ
තැන තැන ලොකු ගල් කුට්ට් ඇතේ
පාවෙන සෙයකුයි දැනුනෙ ගතේ
පුර සඳ අඩ සඳ රැකෙයි නෙතේ
හැමදාමත් සඳ දෙවිදුන් එකලෙස පායනවා
අඳුර කපා හෙමින් හෙමින් ගොම්මන නැති වෙනවා
සියළු ජීවි තද නින්දේ රැයකට පිවිසෙනවා
දවසක අසිරිය විඳලා මගෙ සිත සැනසෙනවා
ලියන්නේ සිත්ති සීනත්