
දරුවා, යව්වනය, වැඩිහිටියා වෙනවා
බැඳලා ආදරෙන් දරුවන් බිහි වෙනෙවා
කරමත ලොකු බරක් ගෙන උන් දඟලනවා
ලොකුවී ‘සරණ’ ගොස් මව්පිය හැරයනවා
ආදරෙ කරනකොට දෙවියනි පණ දෙනවා
බැඳලා නොගැලපෙයි දෙන්නම වෙන්වෙනවා
වදලා ළමයි පව් උන් අසරණ වෙනෙවා
ඇයි මිනිසුනේ පොඩි දරුවන් වැනසෙනවා
රැකියා කරල උන් බඩකට පුරවනවා
අබු සැමි විල බැන්දම උන් දිව්රනවා
මල පැන්නොතින් උන් දෙන්නම ඔරවනවා
සමහරු ‘වෙරිය’ ඇවිදින් ගුටිමුර දෙනවා
වැඩිහිටියන් ළමයි හොඳ මඟ ගෙනයන්න
අපෙ මල් කැකුළු පොඩි කරලා නොදමන්න
‘කුඩු’ ඇයි පොවන්නේ දරුවන් වනසන්න
හොඳ දේ කරල මුළු ලෝකෙම සනසන්න
මැදිවිය ලස්සණයි සරු ජීවිතේකට
දෙන්නම එන්න ඕනෙනෙ එක මතේකට
නොමවෙනු රණ්ඩු වැඩකට නෑ සතේකට
වෙන්වෙල නොයනු අත්සන්කර කොළේකට
ගුරුවරු කරන කැත වැඩ හැම දෙන දන්නා
පියවරු අතින් දියණිය දූෂණ වෙන්නා
ඇයි මේ සමාජය අද පිරිහී යන්නා
සැම දරුවෙක්ම තම දරුසේ සලකන්නා
වැඩිහිටියනේ නුඹලගෙ තැන නුඹ රකිනු
සිහිබුද්ධියෙන් හැමදේ හොඳ හැටි දකිනු
නුඹේ ජීවිතේ කළු පැල්ලම් නොම තබනු
වයසට ගියත් හොඳ නම නුඹලම රකිනු
ලියන්නේ සිත්ති සීනත්
