ගුරු දිනය

ටීචර් මවකි දරුවන්ගේ දුක දන්නා
මාස්ටර් පියෙකි දරු සෙනෙහස අඳුනන්නා
මේ ගුරු දෙගුරු තම දරුවන් සලකන්නා
හොඳ නම රැකල අපෙ ලෝකය බබලන්නා

පොඩි උන් දගයි උන් හට නුඹ මෑණි වගෙයි
හරි සෙනෙහසින් බැලුවොත් හැම දාම අගෙයි
තැනටම සුදුසු ලෙස උන්නොත් තවත් රැකෙයි
ගුණවත් දරු කැලත් උනොතින් හරිම අගෙයි

සමහර ගුරුවරුන් නම කැත කර ගත්තා
පොඩි මල් කැකුළු රවටාලා අරගත්තා
උන්ගේ ආත්මය කෙලෙසා පැන ගත්තා
උන්ගේ වලම දෑතින් උන් කපා ගත්තා

ඉගෙනුම මදිලු දරුවන් ටියුෂන් යන්නේ
නිදහස් අධ්‍යාපනයක් හොඳ හැටි දෙන්නේ
නිසිලෙස ඉගැන්නුවොතින් සැම ගොඩ යන්නේ
‘උගත මනා ශිල්පය’ ලැබ සැනසෙන්නේ

සියළුම ගුරු වරුන් ලෝකයෙ ඉන්නා
හැම දරුවෙක් හටම හොඳ ගුණ දම් පෙන්නා
අද ‘ගුරු දිනය’ සමරනු මැන ලොව ඉන්නා
මා මෙය ලියමි තුති මල් මිටක් පුදමින්නා

ලියන්නේ සිත්ති සීනත්

ආගම

මල්

සමණලයා

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.