සරසවි වරම

ඕ ලෙවල් පසු ඒ ලෙවල් කර
ලබනවා උන් වරම සරසවි
ගමේ ගොවියගෙ ළමයි හොඳ හැටි
ඉගෙන ගෙන දිනනවා උන් සවි

හැදෙන ගස හරි සාර සරු ලෙස
උරාගත්තොත් හොඳට සාරය
වගෙයි වැඩුණොත් දරුවනේ නුඹ
ජයම නියතයි නුඹේ වාරය

දහඩියත් වගුරමින් මව් පිය
හොයන්නේ නුඹලාට උරුමය
හොඳට පාඩම් කරල ජය ගෙන
දිනල ලෝකෙට දෙන්න අරුමය

සරසවියෙ එන නවක සිසුනට
දෙන්නෙ ඇයි නුඹලාම ‘රැග්’ එක
හිතට එකගව බුද්ධියෙන් වැඩ
කෙරුවොතින් දිනනවා මැච් එක

ගෙවල් කණකර උගස් කරමින්
දෙමව්පිය දිවි ගෙවනවා
මගේ දරුවන් හොඳට සලකයි
අනේ සිහිනත් මවනවා

හොඳට කාලය කැප කරන්නේ
පවුලෙ යහපත ගැනම සිතලයි
බුද්ධියෙන් වැඩ කලොත් සැමදා
නුඹල එතකොට හරිම ඉහලයි

දෙන්න හැම විට අනිත් සිසුනට
හරිම හරි ආදර්ශයක්
අරන් වැඩිපුර සිසුන් ගානක්
සමරමින් හැම වර්ෂයක්

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.