
මිනිස් ජීවිත රස කරන්නේ, සතුට කියනා පැතුමෙනි
ඒක නැති තැන ඉන්නෙ හැම දෙන, හරි දුකයි අඩසිහියෙනි
පැතුම් පතලා ආලෙ කරලා, කූඩුවක් සතුටින් සදයි
සතුට උතුරලා දෝරෙ ගලලා, බිරිඳ මව් පදවිය ලබයි
ලැබෙන දරුවා තුරුළු කරගෙන, නිමක් නැති සෙනෙහස පුදයි
පුංචි පවුලක් සතුට පිරිලා, උතුරල උණුසුම සොයයි
ජීවිතේ හැම කඩඉමක් පසු, කරන විට දැනෙනවා සතුටක්
ද්‍රෝණි කොටහලු, දීග ගියදා, නෙත් දෙකෙන් දිස්වේය කඳුළක්
සැමියා කට ගොන්නක්ම බීගෙන, අසිහියෙන් ඔහු දොඩනවා
බිරිඳ පොඩි උන් රැකබලාගෙන, ඇගේ මුළු ගත පුදනවා
මිල මුදල් දී ගන්න බැරි එය, හැම විටම අපි සොයනවා
සතුට නැති තැන මිනිස් ජීවිත, බිලින් දීලා මැකෙනවා
කෙල්ලො කොල්ලනෙ වර්තමානයෙ, ආදරෙන් විරසක වෙලා
නුඹලා ඉන්නේ ඇයිද දුකකින්, පාට ලෝකෙක තනි වෙලා
දරුවනේ හැම විට සිතන්නකො, ලැබුණ ලස්සණ ජීවිතේ
සසරෙ පතලා හොඳින් ගෙව්වොත්, වෙලා ලස්සණ මීවිතේ
දෙමව් පියනි, සතුට රැකගෙන, ජීවිතය නුඹ ගෙවන්න
අපේ මේ ලස්සණම ලෝකය, කඳුලු පියදා තනන්න
කඩා විසුරුනු මගේ කූඩුව, අතීතය මට සිහිඋනා
සිතට දිරිගෙන ජවය අරගෙන, ඉන්නෙ සතුටක් සොයමිනා
ලියන්නේ සිත්ති සීනත්
