
ඉපදුනත් මේ ලෝතලේ සැම- ජීවියක් නික්මෙලා යනවා
දරුව, යව්වන, තරුණ වීලා මහල්ලාවී වයස යනවා
ගතම පණනැති, සිහිය නැතිවී වසර ගනනක් ඔහේ ගෙවනවා
අන්තිමේ හුස්මයක් පිටකර අනේ ලෝකෙන් නික්ම යනවා
සැමිය නැතිවී බිරිඳ දරුවන් සමඟ මේ ලෝකයේ තනිවී
අසරණයි උන් ගෙවන ජීවිත මහා සටනකි හදත් ගොළුවී
පාළු හදවත ඉකි ගසයි සැමදාම හයියෙන් ඇය හඩාවි
පියෙක් නොමැතිව අනේ කූඩුව හරිම දුකකින් ඇය තනාවී
පුතෙක් තරුණය වියෝ උනොතින් පියා කෙළෙසද දරා ගන්නේ
අනේ පපු කුහරයම පිච්චී දුකින් මුළු ගත වෙලා ගන්නේ
අසරණයි දෙවියන්ට කන්න ලු කරත් නැහැනේ පලක් වන්නේ
මතක පමණක් ලොතලේ සැරි සරල අප හට ඉතිරි වන්නේ
ද්‍රෝණි නැතිඋන මව් පියන් මේ මිහිතලේ ඉන්නවා අපමණ
උන්ගෙ සිත කැඩිලා බිදී ගොස් ගෝකෙ පිරිලා ඇතිද කොපමණ
සියළු ශක්තිය අරන් මව්පිය පෝෂණය කෙරුවානෙ ඇගෙ ණැන
පායනව හැමදාම හිරු, සඳු, ගන්න බැහැනේ කාට වත් තැන
පෙම්වතෙක් හට පෙම්වතිය සමහර විටෙක අහිමිය වෙලා යනවා
ආදරෙන් බැදි උන්ගෙ සිත් තුල වේදනාවෙන් හදම දනවා
මිනිස් සිත්තුල දුකම පිරිලා හැම දෙනා අසරණම වෙනවා
දෙවියනේ දුක් නැති කරල සතුටම සොයන්නට නුඹට වෙනවා
ඉපදීම සතුටකි. මරණය දුකකි, ඒ දුක කෙසේ හෝ දරා ගත යුතුමයි නේද? ඒ දුක තුල ජීවත් විය යුතුම නේද?
ලියන්නේ සිත්ති සීනත්
