
ලෝකෙ හොල්ලන දෙයක් වේනම්
එයයි සැමලඟ තියෙන කාසි
දුප්පතා ළග ඇත්තටම නැති
බලවනා හට නේද වාසි
උදයෙ නැගිටල හවස වෙනකම්
වැඩ කරන්නේ එය සොයන්නයි
පවුල් සමගිය අවුල් වෙනවා
කාසි නැත්නම් එයයි සත්තයි
යාචකයා පාරක්ම ගානේ ඇවිද්දේ
එය සොයා ගන්නයි
අපේ මිනිසුන් එතෙර යන්නේ
අනාගතයක් හදා ගන්නයි
ඩොලර්, යූරෝ, රියල් අත ගා
උන්ගෙ ජීවිත සවිය ගන්නයි
කාසි නැතිදා නෑනේ වාසිය
වෙන්නෙ සැම දිළිදුන්ම වෙන්නයි
වැරදි වැඩ කර යන්නෙ මහ උළු ගෙදර
දඩුවම් ලැබිල මිනිසුන්
කාසි විසි කර ඇපත් අරගෙන
ඉන්නවා උන් නැහැනෙ සන්සුන්
රතී සැපගන්නටත් මිනිසා
යොදාගන්නේ එයත් කාසි
කාසි නැති තැන කිසිම කෙනෙකුට
වෙන්නෙ නැහැනේ හරිම වාසි
රටක් ඉදිරිය කටම යන්නේ
දියුණුවේ රහසයි කාසි
ඒවා වැඩි තැන බලගතුය යන
ලේබලය වැදුනොත්ම වාසි
ලියන්නේ සිත්ති සීනත්
