
පොතක් අපමණ දැණුම දෙනවද අපේ බුද්ධිය වැඩෙන්න
නිතර කියවා බුද්ධි වඩවමු උගත් මිනිසුන් හදන්න
අතීතයෙ ලියැවුණු පොතක් ගැන කථා වස්තුව ගොතන්න
චිත්‍රපටයට නැගුණු රස තැන් බලා දැණුමක් ලබන්න
කුඩා අවධියෙ පුරුදු කරමුද අපේ දරුවන් හදන්න
ලියන කියවන දැණුම පිරිපුන් අනාගතයක් දරන්න
නිදන්නට පෙර වීරයන්ගේ කථා මනසට පොවන්න
එවන් තැනකට දරුව පියමං කරන මාවත ඔබ සදන්න
පොතක සීමා සළකුනක් නැත විවිද පැති කඩ දකිනවා
දියුණු මිනිසුන් මනස වඩවා මුළු සමාජය රකිනවා
දරුවො නළවන මෑණි වරුනී රස කථා ඔබ ගයන්න
ළදරු මනසට පුංචි කාලෙම හොඳම දේවල් දමන්න
පුස්ථකාලය හොඳම මිතුරා එයින් හොඳ පල ලබන්න
විශ්වයේ හැම දෙයක සුල මුල ගැනත් දැනුමක් ලබන්න
මුහුණු පොතින් ලබා ගන්නට හුඟක් හොඳ දේ තියෙනවා
පලක් ඇති පොත් කියවලා අපි දැනුම ගත්තොත් දිනනවා
කියවීම මිනිසා සම්පුර්ණ කරයි. අපි අපේ දූ දරුවන්ට පොත පත කියවීමට හුරු කරමු. එයින් ලබාගත හැකි දැණුම මෙපමනයි කිව නොහැක. කියවීමට, ලිවීමට වයස් සීමාවක් නොමැත. තාක්ෂනය මෙපමණ දියණු අවධියක ඔබගේ බුද්ධිය වර්ධනය කරගන්න. අපේ අනාගත පරපුර දැණුමෙන් සපිරි ජීවින් කොටසක් කිරිමට අප උත්සහ ගනිමු. ඔබේ දරුවන්ට කියවීමට යොමු කරන්න. ඒ සදහා හොඳම කාලය අප මේ මොහොතේ අත්විදිමින් සිටින්නේය. ඔබ බුද්ධිමත් වන්න.
ලියන්නේ සිත්ති සීනත්
