සිතිවිලි

රාත්‍රියේ නිදන රැයේ හොඳ සිතිවිලි සිත දරන්න
පහුවෙනිදට කරනා වැඩ සටහනකට එක් කරන්න
අඩුම තරමෙ පැය හයක්ම හොඳ නින්දක් නිදාගන්න
සතුටු සිතින් හිමිදිරියෙම නැගිටල දවසක් ගෙවන්න

හිමිදිරියෙම හතරේ කනිසමටම මම අවදි වෙනවා
දෙවියන් හට තුති පුදමින් දවසේ වැඩ සිහි කරනවා
හිරු කුමරා නැග එන සැටි අහස දිහා මම බලනව
කුරුළු රංචු හරිම උඩින් කෑම සොයන් ඉගිලියනවා

පුළුන් වගේ වළාකුළුත් නිල් අහසේ මම දකිනවා
කුරුළු මවක් කුරුළු කූඩුවේ පැටඋන් ඇය රකිනවා
කුරුළු පියා කෑම ගෙනත් පුංචි පැටව් හට කවනවා
මේ ලස්සණ අසිරිය දැක මගේ සිතත් අවධි වෙනවා

රෝස ගහේ පිපිල තියෙන රෝස මලුත් ලස්සණයිනෙ
සුළඟ ඇවිත් ගසේ වැදිල තාලයකට නටනවානෙ
කිචි බිචි ඇසෙන සද්දෙ මගෙ දෙසවන් පිනවනවනෙ
හිරුගෙ කිරණ එළිය බෙදා හිමිදිරියක් තනනවානෙ

යහපත් සිතිවිලි හැමවිට ඔබේ හදේ පුරවගන්න
හැම විට ලස්සණ සිනහව ඔබේ මුවේ රදවගන්න
තවත් දවසකට උරුමය වාසනාව ලබා ගන්න
මුළු පවුලෙම සමගිය, සාමය, සතුටින් බෙදා ගන්න

සොබාදහමෙ අසිරිය බැහැ කවි පෙලකින් මට කියන්න
කොච්චර කොළ තිබුණත් මදි ඒකෙ අගය ලියල දෙන්න
ජීවිතයක වටිනාකම බැහැ මුදලින් අරන් දෙන්න
නිරෝගි කම හැම දෙයකට වඩා උතුම් යයි සිතන්න

අවදිවන්න, අවදිවන්න හිමිදිරියෙම අවදි වන්න
කොතනක සිටියත් සුන්දර පරිසරයක් රස විදින්න
ගනට සිතට ප්‍රබෝධයක් පාන්දරින් ලබා ගන්න
ලස්සණ දවසක අසිරිය විදිමින් සුසුමක් හෙලන්න

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.