කථා නොකල හැකි දරුවකුගේ සිතිවිලි

පේනවා අම්මේ ලස්සණ ලෝකය- කොළපාටින් මට මැවිලා
ඈත අහස්තලෙ හිමිදිරියෙම ඉර- පායනවා මට දැනිලා

කුරුළු රංචු අහසේ සැරි සරනවා- ලස්සණ රටාව මවලා
කොහොම කියන්නද දැනෙනා අසිරිය- ගොළු යයි ලේබලෙ වැදිලා

අම්මගෙ නැළවිලි ගී ඇසෙනව මට- නලවන කොට පොඩි නංගී
හරි මිහිරියි ඒ නුඹේ කටහඬ මට- කොහොම ගයන්නද මමගී

පාසැලෙ ජාතික ගීයත් ගයනවා- අහගෙන ඉන්නව මිහිරි
අනිත් ළමයි වගෙ ඇයි අම්මේ බැරි- කථා කරන්නට සුපිරි

ඇඟිලි වලින් සොලවාලා අදහස්- නුඹ හට මම කියවන්නේ
හදවත ඇතුලේ අමුතු රිද්මයක්- ටිකකට මා හඩවන්නේ

සංගීතෙට මම හරිම ආදරෙයි- ගයන්න වයන්න බැහැනේ
බෙරයක් වයලා ලස්සණ නැටුමක්- නටලා මම සැනසෙන්නේ

අම්ම තාත්තා නංගිල මල්ලිලා- මා සනසනවා සැමදා
පොතක අකුරු ටික කියවන්නට මට පුළුවන් වේවිද කවදා

සෙල්ලම් කරන්න පිට්ටනියට මම- ආසාවෙන් දුව යන්නේ
සමහරු උන් හරි නපුරුයි නේදෝ- ඔච්චමටම හිනැහෙන්නේ

මා වැනි දරුවන් ගොඩක් ඉන්නවද- කියන්න මගෙ සුදු අම්මේ
ආසයි උන් හා යාළුවො වෙන්නට- දුවනව මම එක පිම්මේ

ලියන්නේ සිත්ති සීනත්.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.