තාත්තා

සෑම නිවසකම ගෘහ මූලිකයා- තාත්තා වෙනවා සැමදා
අභියෝගය කරමත අරගෙන ඔහු- ජය ගන්නව එය පරදා

ගේදොර වතුපිටි හරකබාන ටික- බලා ගන්නෙ ඒ ලොක්කා
දෝත නමා වැදලා පිං දෙනවද- ආදරෙ කෙරුවොත් මක්කා

උදය දවාලය රෑ ගැන බලන්නෙ- නැහැ ඔහු කරනව සේවේ
බිරිඳ, ළමයි ටික බලාගන්න එක- වගකීමකි ජීවිතයේ

හොඳ දරුවන් කර සමාජයට උන්- අරින්න ඔහු වෙහෙසෙනවා
දරුවන් ලොකුවෙල වගකීමක් දරනවා- බලලා සැනසෙනවා

පොඩි උන්ගේ අඩු පාඩු මකන්නට- වෙහෙසන තරම අපුරුයි
උන් දඟ වැඩකර අසුඋනොතින් නම්- ටිකකට නම් ඔහු නපුරුයි

අම්ම වගේ හැම තිස්සෙම ආදරෙ- පෙන්වන්නෙම ඔහු නෑනේ
එහෙම උනොතින් ලොකුවෙන උන් හරි- මඟකට ගන්නට බෑනේ

මදු විත අරගෙන සමහරු හවසට- පදම් වෙලා ඇයි එන්නේ
ඒවා බලලා හැදෙනා දරුවන්- නොමගට නේ උන් යන්නේ

තාත්තා යන වචනය ලෝතලයේ- ඉහලින් අපි පිළිගන්නේ
හොඳ නැති වැඩකර ඔබ ඒ නම්බුව- ඇයි දැයි කෙලෙසා ගන්නේ

මව් පදවිය මෙන් පිය පදවියද ඉතා උතුම්ය.
දරුවන් වෙනුවෙන් අපමණ වෙහෙසක් විදින්නේය.
සෑම පියෙක්ම දරුවන්ට ආදර්ශමත් විය යුතුමය.
නිවහන සැම දෙනාටම සුන්දර ස්ථානයක් විය යුතුමය.
දරුවන් දෙමාපියන් අනුකරණය කරයි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.