ඒ කාලේ දඟ වැඩ

ගෙදර වත්තෙ වැළි හාරල කෝම්පිට්ටු හදනවා
අම්මට, තාත්තට, නංගිට වෙන්කරල බෙදනවා
පවුලේ සැම දෙනාහටම සෙනෙහස අපි පුදනවා
වැඩිහිටියන් ඒව බලල අපි දිරිමත් කරනවා

කුරුම්බැට්ටි මැෂිම හදල හරි සතුට ලබනවා
අඹ ගස් වල මුදුනෙ නැගල ඉදිච්ච ගෙඩි කඩනවා
පුරන් කුඹුරු වලට බැහැල දුවල පැනල නටනවා
ඇළේ, දොළේ, වැවේ බැහැල තරගෙට මෙන් නානවා

අවුරුදු කාලෙට සද්දෙට රබන් සද්දෙ ඇහෙනවා
පොල් අතු වියලා කරගෙට එකෙන් අපි දිනනවා
විකට ඇඳුම් අන්දාලා හොඳම කෙනා හොයනවා
ලිස්සන ගහ, කොට්ටාපොර දැකල ස්‌වය ලබනවා

කොටු ඇඳලා මිදුල පුරා බට්ටා අපි පනිනවා
ජිල්බෝලත් දුසිම් ගනන් එකතු කරල දිනනවා
ලොකු ගහකට ලනු බැඳලා ඔන්චිල්ලා පදිනවා
ඉදුණු ගොරකා මිරිස් දාල කාල රසය විදිනවා

උගුරැස්සා, ලොවි, මාදං ගෙඩි පිටින්ම ගිලිනවා
පොලුහගලා ලොකු ගස්වල කජු පුහුලන් කඩනවා
කජු පුච්චල මද කාලා හරිම රසක් විදිනවා
ඒ කාලේ කල දඟ වැඩ මතක අතර මැවෙනවා

මේ ඒ කාලේ ළමයකුගේ ජීවන රටාවකි. අද ළමුන්ට ඒ නිදහස නැත.
කොන්ක්‍රීට් සීමාවන්ට කොටුවී ජීවිතය ගෙවීමට සිදුවී ඇත.
සොබාදහමේ අසිරිය ඔවුන්ට අහිමිය. තාක්ෂණයේ වෙනස් වීම
මත ජීවිනද වෙනස්වී හමාරය.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.