සන්ධි වේදනාව

  1. ශරීරයේ සන්ධි යනු අස්ථි දෙකකින් හෝ ඊට වැඩි ප්‍රමාණයක්
    සම්බන්ධ වෙන තැනකි.
  2. චලනය වන හා චලනය නොවන සන්ධි වශි ඇත.
  3. අපගේ ජීවිතයේ බොහෝ කටයුතු සදහා සන්ධි උපකාරවේ.
  4. නැමීම, දිගහැරීම සිදු කරන්න හැකියාව ලැබෙන්නේ සන්ධි නිසාය.
  5. ශරීරයේ ශක්තිය මුදා හැරීමේ ක්‍රියාවලියටද සන්ධි උපකාර වේ.
  6. ශරීරය අනවශ්‍ය ලෙස වෙහෙසීම මෙයට බලපායි. අපේ ශරීරයට
    මෙය දරා ගත නොහැකිකම එක හේතුවකි.
  7. අද දියුණු තාක්ෂණික ක්‍රම නිසා මිනිසා ක්‍රියාකාරිත්වයෙන්
    ඈත් වෙලා. කෙටියෙන්ම කිව්වොත් මිනිසා කම්මැලි වෙලා.
    ඉතින් ව්‍යායාමයෙන් තොර ජීවිතයක් මෙයට එක සාදකයක්.
  8. නිවැරදි ඉරියව් භාවිතා නොකිරීමත් මෙයට බලපායි.
  9. පරිගණකය ඉදිරියේ එකම ඉරියව්වකින් වැඩි වේලාවක්
    ගත කිරීමෙන් බෙල්ල සහ කොන්ද වේදනාවන් හට ගනි.
  10. විශේෂයෙන් කාන්තා පක්ෂය අතර මෙම රෝගය දක්නට ලැබෙනවා.
  11. උදය පටන් රාත්‍රිය දක්වා ඔවුන් ගත කරන කාර්ය්‍ය බහුල
    ජීවිතයද මෙයට බලපායි.

අතීත කාලයේ මිනිසා මිරිස්ගල, කුරහන්ගල, දර පැලීම, ලිදෙන් වතුර
ඇදීම යන දේවලින් ව්‍යායාම ශරීරයට උදව්කර ගත්තා. ඇවිදීමද හොඳ
වියායාමයකි. නිරෝගි සුවපත් දිවියක් වෙනුවෙන් ව්‍යායාමය අද අවශ්‍ය
දෙයක්. කුඩා කල සිටම හොද සමබල ආහාර වේලක් ලබා ගැනීමද
මෙම රෝගයෙන් මිදීමට උපකාර වෙනවා. නිතර හොද පුරුදු, ඉරියව්
නිසි ලෙස භාවිතා කරමු.

ලියන්නේ සිත්ති සීනත්.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.