සිනහව

ලියක් නිතරම සිනහවෙන් මුව
සරසගත්තම ලස්සණයි
ඇයගෙ රූපය දකින හැම දෙන
කියයි අනෙ ඇය සුන්දරයි

සිනහසී තරවෙන්න කියලා
පොත්වලත් ඇත ලියවිලා
බුම්බගෙන ඇයි ඉන්නෙ සමහරු
දකින මුව ඇගෙ මැලවිලා

හිමිදිරියෙ නැගිටලා සැම දෙන
සිතනු මැන හොඳ සිතිවිලි
එපා අමනාපෙන් සිටින්නට
ද්‍රොඩවලා ඔබ මැසිවිලි

පුංචි උන් හට කියා දෙන්නකො
සිනහවේ උපරිම අගේ
නිදහසේ සැරිසරන කුරුළුන්
දකින සිත පිනවයි මගේ

බිරිදැ වරුනේ ඔබේ සැමියට
පුද කරනු ලස්සණ සිනා
පැරණි මිනිසුන් කිව්වෙ නිකමට
හොඳම බෙහෙතකි එය ඉනා

මිල මුදල නැති හැම කෙනාටත්
දෙන්න පුළුවනි හොඳ සිනා
එයින් ඔබෙ ගත වේය දිරියක්
ලේද ගමනාගමනය පිනා

දාල මුකවාඩමක් හැම දෙන
දකින් නැහැ ඒ මල් සිනා
ඇවිත් කෝවිඩ් වහල නේ කට
ඒත් හිනැහෙනු සිත පිනා

ලියන්නේ සිත්ති සීනත්.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.