
නිදහස ලබා දශක හතක් ගෙවිලාය
හයිවේ පාරවල් දෙකතුන හැදිලාය
කොන්ක්රීට් තට්ටු කොලොම්පුරේ පිරිලාය
සැම දෙන සොයයි නිදහස හති දමලාය
ඩී. එස්. සේනානයක නිදහසේ පියා
අරගෙන දුන්නා ලක් වැසියට උතුම් එයා
තවමත් දියුණු වී ගෙන යන රටක් කියා
ඇසුනා ලෝක වැසියන් පවසනව අයා
හැම ආගමක් මුල් කර ගමනක් යනවා
තමනට කැමති දහමක් අපි අදහනවා
සාමය හරි උතුම් සැමදෙන අගයනවා
ලෝකෙම ලස්සණයි සුරපුරයක් වෙනවා
සමහරු ඉන්නෙ අද හැම දෙය අනාගෙන
සිහින හතක් දුටුවා සේ මවාගෙන
අල්ලස රජ වෙලා කන්නේ ගසාගෙන
දුගියා අණ්ඩ දා අදිනව මසාගෙන
සැමියා නිතර සොයනව නිදහසෙ ඉන්න
උගසට තබල රන්බඩු වීලා සින්න
තණමත වැටිල සුදු රෙද්දක් මෙන් පින්න
මැච් එක සුපිරි හොඳ හැටි දිනලා දුන්න
දූ දරු දීගෙ දීලා මව්පිය සොයති
සතුටයි රසය මුසුකොට හොඳ ගී ගයති
නිදහස සොයන්නට තව සමහරු ගැටෙති
මනු ලොව වගේ සතුනුත් නිදහස සොයති
ලියන්නේ සිත්ති සීනත්