පරිසර දූෂණය

අපේ ලක්බිම සුන්දරයි නේ සොබාදහමේ අසිරියයි
බලන හැම අත හරිතවර්ණය දකිනකාගෙත් ඇසි පිනයි

කොළඹ නගරයෙ දුවන බස් ටික ඇයිද තරගෙට දුවන්නේ?
බිහිරි වෙන තරමටම මගියගෙ ඇයි නලාවන් පිබින්නේ?

දාල හැමතැන පුරවලා කුණු කොහොම අසිරිය විදින්නේ?
අප්‍රසන්නයි උකින දසුනුත් තණකොළද අපි බුදින්නේ?

වැඩබිමේ අපද්‍රව්‍ය එක්කර කැළණි ගඟටයි අරින්නේ
මොටද? බිද්ධිය ඒව නැවතත් මිනිස් සිරුරේ ගැටෙන්නේ

බීල කිරි ටික කාල යෝගට් ඔහේ විසිකර දමන්නේ
ඩෙංගු මදුරුවා ඒව තුල රැදී ජයට බිත්තර මුදන්නේ

ප්ලාස්ටික් පුච්චනව සමහර කළු දුමාරය උඩයතේ
හමන වායුව වසම මුසුවී ගලාගෙනයයි දස අතේ

හරිම පිරිසිදු වායු තලයක් හිමි උනොත් අපෙ දිවිරැකේ
ඔක්සිජන් ආනයන කරලා දිවිගෙවන්නද? මගෙ සැකේ

සියළු මිනිසුන් සිතට අරගෙන නුඹේ වැඩ හරියට කරන්
අපිත් රැකෙලා මිහිපිටත් රැකෙනවා ගත්තොත් දිරි අරන්

බලන්න මොන තරම් කුණු ප්‍රමාණයක් දවසකට පරිසරයට බැර වෙනවාද?
එයින් පැන නගින ප්‍රශ්ණ ඉතාමත්ම බරපතලයි නේද? මේ කෝවිඩ් වසංගතය
අතරට බැරවෙන තවත් ප්‍රශ්ණ අපි මිනිසුන්ම නේද? ඒවා නිර්මාණය කරන්නේ.
අපේ පරිසරය සුන්දර කිරීමට අපි දායක වෙමු.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.