
අවුරුද්දක්ම ගෙවුනා කෝවිඩ් කාලේ
පාසැල් වහල පොඩි උන් නටනව සාලේ
ඔන්ලයින් උගන්වනවා එය වෙයි තාලේ
උන්ගේ දැණුම මොටවෙයි හොයමුද රාලේ
ළමාවියේ මුල් කාලය පෙර පාසල් කාලයයි
අවුරුදු දෙක, සය, මුල්කර ගෙන ගෙවනා තාලයයි
හරි වැරැද්ද, හොඳද නරක වැටහෙන පෙර කාලයයි
හැම මව්පිය සිතට අරන් පිදිය යුතුම ආලයයි
අධ්‍යාපනය පාසැල හා බද්ධ වෙලා
ඥානය පමණි ලැබෙනුයෙ ඔන්ලයින් වෙලා
IQ මීටරෙන් සැකදෝ? සකස් වෙලා
තනියම දිවි ගෙවන්නට දරු පුරුදු වෙලා
ටීම් වර්ක් දරුවන් හට හරස් වෙලා
මානසිකව ශක්තිය ඉන් හීන වෙලා
ශාරිරිකම ශක්තිය නැහැ පෙරට වෙලා
රූකඩයක් වගේ වේවිද? අඳුරු වෙලා
ඩේටා නැතුව කොහොමෙයි ඔන්ලයින් යතේ!
සමහරු නැතුව දිවි ගෙවනව අතේ සතේ!
පාසැල් වසා සිටියොත් බුද්ධියක් නැතේ!
නිසි වැඩ පිළිවෙලක් සදලා දෙමුද මතේ!
දැණුමෙන් සපිරි දරුවන් අපි බිහි කරමු!
බුද්ධිය වඩවලා පිරිපුන් බව රකිමු!
ධනාත්මකව සිතනට පුරුදුම කරනු!
අනාගතම පරපුර සැමදා රකිමු!
ලියන්නේ සිත්ති සීනත්
