පෙර පාසල් වියේ වර්ධනය

පෙර පාසල් වියේ දරුවාගේ ශාරිරික සංවර්ධනය

  1. ළමා වියේ මුල් කාලය ලෙස සැලකෙන අවුරුදු 2-6 අතර කාලයයි
  2. දරුවා සීග්‍රයෙන් වර්ධනය වේ
  3. මේ අවධියේදී චාලක වර්ධනය (යනූ උපතේ සිට මුල් මාස 24
    අතර කාලය ඉන්ද්‍රිය චාලක අවධිය ලෙස සැල කේ) බුද්ධි වර්ධනය
    හා සමාජය වර්ධනයේ විශාල දියුනුවක් සැලසේ
  4. මෙම අවධිය, පෞරුෂ වර්ධනයේ තීරන අවධියයි
  5. තමාගේ ස්වාභාවය, දෙමාපියන් සමඟ අනන්‍යකරණය
    වීම හරි වැරදි, හොඳ නරක පිළිබඳ වැටහීමක් ලබයි.
  6. ළමයාට, ලැබෙන පරිසර සාධක ඔවුන්ගේ දියුණුවට මහත්
    රුකුලක් සපයයි.
  7. ස්නායු ඇට සහ පේශි යන සෑම අංශයකම පරිණතියක්
    මේ අවධියේදී සිදු වේ.
  8. සියළුම කිරිදත් වැඩී ඇත.
  9. ඇටවල හැඩය හා ඝනත්වය මෙම අවධියේ ලැබෙන
    ආහාර වල පෝෂණ ගුණයමත රදා පවතී.
  10. ස්නායු පද්ධතියේ අරටුව වන මොළය අවුරුදු දෙක වන විට
    වැඩිහිටි මොළයේ බර වන රාත්තල් 4න් 75% ක්ම වැඩී ඇත.
  11. අවුරුදු 6 වන විට මොළය රාත්තල් 3 1/2 වන අතර එය
    වැඩිහිටියකුගේ මොළයේ බරෙන් 90% ක් පමණ වේ.
  12. කායික වර්ධනයේ නියම වැඩීම සිදුවීම සඳහා පෝෂ්‍ය
    ආහාර ලැබීම අවශ්‍යයි.
  13. මේ අවධියේදී දරුවන්ට කැල්සියම්, පොස්පරස්, ප්‍රෝටීන්
    අඩංගු ආහාර නිසි ලෙස දීමට කටයුතු කල යුතුයි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.