
දස මස කුසදරා කලලය දරාගෙන
හැම තත්පරයෙ සිතනුයෙ ජීවියා ගැන
සෙනෙහස අපිරිමිත ගලනව වෙලාගෙන
සමහර දවස් ගෙවනව නිදි වරාගෙන
නෙරලා කුසත් ගත සමබර නැති වෙනවා
දරුවා චලනෙ වීලා මව සැනසෙනවා
මාසෙන් මාසෙ ලංවී කුස මෝරනවා
උසුලා ඉන්නෙ ඇය බඩ දරු මව් වෙනවා
හරි විළිරුදාවෙන් මව දරු බිහි කරති
නිතනින් සැම දෙනා දෙවියන් සිහි කරති
ජීවිත මරණෙ අතරන් සහමරු යදිති
බිළිදා හඩන විට සැම දුක් නැති කරති
ලේ කිරි වලට හරවා මව් කිරි පොවති
දරුවා එවිට මවකගෙ සෙනෙහස ලබති
මව් කිරි ‘විශිෂ්ටයි’ බිවු දරුවා ගුණැතී
සුන්දර නුඹයි ‘අම්මා’ මේ ලොව මවතී
ජාතිය මුල් කරන් උප්පැන්නය හදති
පියවරු නොමැති දරුවා සැම කොන් කරති
නොමනා කථා එ මව්වරු හට පුදති
අම්මා වරුන් පමණද? වරදේ බැදෙති
හිරුගේ කිරණ, මව් කිරි ලෝකය මවති
සොබාදහම ලස්සණ වී ලොව රැකෙති
කාලය විදුලි වේගෙන් පියමං කරති
ලෝකය ගැන සිතනු බැහැ මව්වරු නොමැති
ඇය සුන්දරයි, ජීවයක් තනන්නීය, ඇයගේ ගතින්
දරුවා පෝෂණ කරන්නීය, ඇය ලෝකය සුන්දර
කරන්නීය. මිනිසුනේ ඔබේ අම්මාවරුන්ට ආදරය
කරන්න. කල ගුණ සලකන්න. එවිට ලෝකයම
සුන්දර වනු ඇත.
ලියන්නේ සිත්ති සීනත්
