කෝවිඩ්-19

දවසට අට, නවය, දහසක් මැරෙන්නේ
පවුලේ අයට හරි දුකකුයි ගෙනෙන්නේ
වයසත් නැතිව ජීවිත උන් පුදන්නේ
කවදා තුරන් වේවිද දින ගනින්නේ

එක, දෙක, තෙවැනි රැල්ලක් දැං ඇවිල්ලා
එන්නතෙ පිහිට දැන් වත් අපි සොයල්ලා
හරි සිහිබුද්ධියෙන් වැඩ ටික කරල්ලා
වෛරස අළුත් වී එනවා බලල්ලා

ඇයි මුබ ආවරණෙ නොදමා සිටින්නේ
මීටරෙ පරතරය නැහැ දැං රකින්නේ
ගැවසෙන සෙනඟ මඟ හැර ගොස් දිනන්නේ
මේ හැම පුරුදු මතකෙන් පිළි පදින්නේ

ඇති නැති හැම දෙනාටම හොඳ හැටි උරුමයි
ලොකුකම්, උජාරුව, කයිවාරුව කරුමයි
හැදුනොත් නිරෝදානය වන එක කදිමයි
අකුරට පිළිපැදල යන මාවත හරිමයි

කරනා අයට නිතරම සහයක් දෙන්න
බුද්ධිය වඩවලා පුරවැසියකු වන්න
අවධානමෙන් මිදුමට පියවර ගන්න
අද සුබ උනොත් පුළුවනි හෙට රැකගන්න

ලෝකෙම වෙලාගෙන කෝවිඩ් වසංගතේ
මිනිසා දිළිඳු වීලා නැත අතේ සතේ
වැදිලා පහර හොඳ හැටි යට ආර්ථිකේ
දහිරිය අරන් වැඩකරමුද? මගේ මතේ

කෝවිඩ් පරදවා දිවි ගෙවී කටයුතු කරමු. ඔබේ ජීවිතය ඔබ රැකගන්න. නිතර
අවධානමෙන් වැඩ කරන්න. හොඳ පුරුදු එකතුකර ගන්න, පරිස්සම් වන්න.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.