
- දවසකට ලුණු ග්රැම් 9-12 අතර ප්‍රමාණයක් එනම්
තේ හැදි 2-3 අතර ප්‍රමාණයක ලුණු අප නොදැනුවත්ව
ආහාරයට එකතු කර ගන්නවා. - අපේ ශාරිරික අවශ්‍යතාවය දවසකට කැපු තේ හැදි
1ක් ග්රැම් 5ක් පමණයි. - එය සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියන සංයෝග
දෙක එකට එකතුවී සැදී ඇත. - අධි රුධිර පීඩනයට (ප්‍රෙෂර් එකට) ගැහැණු පිරිමි 26%ක්
එකතු වෙලා. (සෑම 4 දෙනෙකුගෙන් 1ක් අයෙක්) - හෘදයාබාධ, ආඝාතය (ස්ට්‍රෝක්) හද අකර්මන්‍යතාව
(හාට් ෆේලියර්) වකුගඩු අක්‍රිය වීමට වැඩි ලුණු භාවිතය
හේතු වේ. - ආමාශයේ පිළිකා, අසාත්මිකතා (ඇලර්ජි),
ඔස්ටියෝපොරෝසිස් (අස්ථි ගෙවී යාම) වැඩි
ලුණු හේතු වේ. - බෝ නොවන ලෙඩ වලින් 43%ක්ම මියන්නේ
හාදය හා රුධිර වාහිනී සම්බන්ධ රෝගවලිනි. - ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ
අත්වශ්ය විදියට ලුණු භාවිතා නොකලොත් ලෝකයේ
සිදුවන මරණවලින් දලවශයෙන් මිලියන 2.5 වලක්වා
ගත හැකිය. - ක්ෂණික ආහාර (පාන් පිටි කෑම) අඩු කල යුතුයි.
- සෞඛ්‍ය බලධාරීන් අවුරුද්දක් වෙන තුරු දරුවාට
තෙල්, ලුණු, සීනි අඩංගු ආහාර සීමා කරන්න උපදෙස්
දෙන්නේ ඒ රසයන්ට දරුවාගේ දිව හුරුවෙනෙක
වලක්වන්නටයි. - කුඩා කල එසේ උවද නව යොවුන් වයසට එළඹුණු
පසු කෑම පිගාන ගැන නම් අපේ අම්මලා උනන්දු වෙන්නෙම
නැත. - බර්ගර්ස්, සොසේජර්ස්, මීට් බෝල්ස්, ලුණු බිස්කට්
චිප්ස් මේ පරපුරේ ප්‍රධාන ආහාර වෙලා. - දිවට ලුණු රසය හුරුව පසු එය අත්හැරීම අසීරුයි.
එයත් හරියට දුම් වැටියට, මත් වතුරට ඇබ්බැහි උනා වැකිය.
ලියන්නේ සිත්ති සීනත්
