
ලොවේ ඇති ජීවන ක්රියාවේ
ඉපදුනත් මරණයද හිමිවේ
ළමා යව්වන මැදි වයස් වේ
සෑම දෙන වයසටත් පත්වේ
උතුම් පදවිය ලබා මව් වී
දරුවො ලොකුකර ඇය දිනන්නි
පියෙකු ජීවන ගමනෙ ලොග්වී
පවුල සමබර කර රකින්නි
සොබාදහමත් සමඟ ගැටෙනා
දිනෙන් දින වියපත්ම වන්නා
මතකෙ ගිලිහී දිවි ගෙවන්නා
කුඩා දරුවන් සේ පෙනෙන්නා
කේෂ කල්පය සුදට දිස්වේ
මුහුණෙ පරිපුන් බව වෙනස්වේ
ජවය කඩිසර කමද නැතිවේ
හුදකලා දිවියකට ලක්වේ
ලොවේ වෙසෙනා සෑම ජීවින්
හටම උරුමයි මේ ක්රියාවන්
කවුරු කවුරුන් වයස් ගතවන
බවක් සිතටම ගනු මැනාවන්
සෑම ජීවියෙක්ටම විශ්වයේ ආයු කාලයක් පවතී.
සෑම දෙයම තාව කාලිකය. වියපත් දෙමාපියන්
රැකබලා ගැනීම සියළුම දරුවන්ගේ යුතුකමකි.
ඔවුන්ව හුදකලා නොකරන්න. එය ආදරය,
කරුණාව, රැකවරණය, අනුකම්පාව ලැබිය
යුතුම කාලයකි. සොබාදහමට අප අවනත
විය යුතුමයි නේද?
ලියන්නේ සිත්ති සීනත්
