
- සුන්දර ගම්මානයක උපත ලදිමි (රාගම)
- කුඹුර යායේ සී සාන හරක බාන දුටිමි
- කුඹුරට බැස ගොයම් කැපුවෙමි
- ඇළේ, දොළේ, දිය කඩිතිවල බැස මාළු පැටව් ඇල්ලුවේය
- වැවේ බැස රිසිසේ දිය නෑවෙමි
- පැණි වරකා, ලාවුළු, අනෝද, උගුරැස්ස, ජම්බු, අඹ, පේර,
අන්නාසි, කජු පුහුලන් හොඳටම රස වින්දේය. - බුසල් වලින් සහල් කිරන සැටිත්, වී තම්බා වේලන
අයුරුත් දුටිමි - ළිදෙන් වතුර ඇද අවශ්‍යතාවන් සපුරා ගතිමි
- පොදු නාන ලිදෙන් ගමේ කොල්ලන් හා කෙල්ලන්
සමඟ කෙළිදෙලෙන් ස්නානය කළෙමි - ගමේ බයිස්කෝප් නැරඹුවෙමි
- සමුපෙන් සලාක ක්‍රමයට භාණ්ඩ ලබා ගතිමි
- ඇලඩින් ලාම්පුවේ එළියෙන් ණැන පාදා ගතිමි
- අහසේ තරු එළියෙන්ද, කණා මැදිරි එළියෙන්ද
රාත්‍රියක සිරි නැරඹුවෙමි - දෙමව්පිය, සෙනෙහස, රැකවරණය නොඅඩුව ලබා ගනිමි
- කෙල්ලන් මෙන්ම කොල්ලන් සමඟද කරට කර ගෙන
සෙල්ලම් කළෙමි - කොස්කොළ තොප්පි වලින් හැඩ ගැන්වූ ඔටුනු පැළඳ ගනිමි
- පාසැලේදී ඉතාමත් දක්ෂ ලෙස අධ්‍යාපනය ලදිමි
- සමස්ථ ලංකා තරඟවලට සහභාගි වී ප්‍රථම ස්ථාන දිනා ගනිමි
- ගමේ එකමුතුකම, සහෝදරකම අගයමින් ජීවිතය ගෙව්වාය
- දශක ගණනකට පෙර සුන්දර මතකයන්.
සුන්දර ළමා කාලයක් මට ලබාදුන් සොබාදහමට අදත් මා ආදරය කරමි.
ලියන්නේ සිත්ති සීනත්
