තිළිණය

ලබන්නා හට පුදුම ගෙනදේ
පුදන්නා හට සතුට රැකදේ
විවිධ පැති කඩවලට ලැබදේ
හදට දිනලා සිතම සුවදේ

මටත් ලැබුනා තිළිණයක්
දැණුනි මට එය අරුමයක්
නොසිතු මොහොතක පුදුමයක්
ලැබිය යුතු එය උරුමයක්

මගේ කවි හා සිතිවිලී
නොකිව්වා මට මැසිවිලි
ගන්න දෑතට නොපැ කිලි
සිහි උනා මට නැළවිලි

දිනෙන් දින මා ලියු කවි
පොතක ඇමිණී ඇත සවි
ඉදිරියම පෙනුනා මැවී
ජීවිතය කවියක් මවී

ගලන ගඟ මෙනි ජීවිතේ
සවිය ගෙන දේ යටිසිතේ
කටු පඳුරු තුල මල් ඇතේ
කැප කලොත් ථලයක් දෙතේ

පහල වුණි නුඹලට සිතක්
සතුට ගෙනදුන් මට රැයක්
දැනුණි හද උතුරන සෙයක්
පුදමි මම තුනි මල් මිටක්

මගේ කවි හා සිතිවිලි මට සතුටක් ගෙනදුන්නේය.
එය පොතකට පෙරළි පිටු අතර මා සැරි සැරුවේය.
අපමණ සතුටක් වින්දේය. එය මගේ දරුවන් දෑතින්
මා පිදුම් ලැබුවේය. මවකට එය සතුටකි. ජීවිතය
කොපමණ කඩා වැටුණද නැගිටීමට උත්සහ කරන්න.
පැමිණි දුක් පැණි රසබව සිතට ගන්න.

ලියන්නේ සිත්ති සීනත්

ආගම

මල්

මඟ මරුවා

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.