
දින දින දකින අනතුරු වැඩිවී බෝම
හිත් ඇති මිනිස්සුන් ඉවසන් නේ කෝම
දකිනා දසුන් බියජනකයි ඇගෙ රෝම
සතුරෙකුටවත් සිදු නොම වේවා මේම
පෙරලුනි බස් රඵය ගැබුරුම ප්රපාතයේ
හදවත් ගැහී ලේ සිරවී කපාටයේ
අසරණ මිනිස්සුන් වැටිලා අගාධයේ
කවුරුද ගන්නෙ වගකීමක් විපාකයේ
රියදුරු මුළු හදින් විශ්වාසය කරලා
ගෙදරින් එන්නෙ දෙවියන් හට මල් පුදලා
නැගලා ගමන යන්නේ දහසක් පතලා
සුපිරි ගෙයට යන්නේ මිනිසුන් මරලා
පුහුණුව ලබල ගන්නේ ලයිසන් අතට
සමහරු එළව යන්නේ වැටිලා මතට
සැමියා අහිමි උනොතින් දුකමයි කතට
මගියා කුමක් කරනද රියදුරු පවට
මෝටර් බයිසිකල් අනතුරු හරි වැඩිලූ
මේ කාර්තුවෙ මලගිය පන්සිය ගාණක්ලූ
කහඉර මතත් ආරක්ෂාවක් නැතිලූ
මාරය සොයන් එනවලු නවතිනු බොරුලූ
වේගය පාලනය ඇයි දැයි නොකරන්නේ
තරගෙට රේස් පැදලා දුක සිදුවන්නේ
දිනකට නවදෙනෙක් අවසන් ගමන් යන්නේ
රියදුරු පමණමද වග කිව යුතු වන්නේ?
අහින්සක මිනිස්සුන් අකාලයේ මිය පරලොව යන්නේය.
අනතුරු අවම කිරීමට කටයුතු කරමු.
ලියන්නේ සිත්ති සීනත්
