විපර්යාසය

තැන තැන බලන අත බිල්ඩින් පෙනෙන්නේ
හිසට සෙවන තනලා අපි දිනන්නේ
ගෝලිය උණුසුමත් හොද හැටි දැනෙන්නේ
මෙහෙම ගියොත් ළඟදිම අපි නැසෙන්නේ

පිටිසර ගමේ කමකුත් දැන් නැතිමවෙලා
දූවිලි අංශු උෂ්ණත්වය වෙනස් කලා
ඇළ දොල වැව්ද සිදිලා නැහැ දෙගොඩ තලා
සොයමින් කෑම දගලනවා රන්චු රිලා

උල්පත් සිදිලා ළින්වල වතුරත් නැහැලු
අලි ගම් වදින විට බේරෙන්නට බැහැලු
වස විස පොහොර දාලා කන්නෙත් වහලූ
සැම මිනිසාම ලෙඩ වෙල ඉන්නේ මහලූ

අයිස් කදු දියවෙලා සාගර ජලය නගී
වණ සම්පතත් අඩු වීලා නැසෙයි මගී
අසරණ කමින් දිවි ගෙවනව අපේ දුගී
සැම දෙන යන්නෙ තාලෙට බෝට්ටුවේ නැගී

කාලය දියුණුවක් නව මග ලොකු වෙනසක්
ජීවන ගමන මගියා දරනව වෙහෙසක්
පිරිහිල මිනිස් ගති පැවතුම් දස දහසක්
සැම හට පහළ වේවා ලස්සන මනසක්

පරිසර දූෂණය නවතා දමන්න
වණ සම්පතත් අගනා බව රකින්න
දුර දක්නා නුවණ උල්කර දකින්න
අද හොද උනොත් හෙට සරුවේ සිතන්න

අපි පරිසරයට ආදරය කරමු. එවිට සොබාදහම මිනිසාව රැක දේවි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.